සිරස මාධ්‍ය ජාලය අසළදී පිරිසක් කළහකාරීව හැසිරෙයි

විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් පසු පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරීව හැසිරෙයි

by Chathuranga Rajapaksha 05-04-2018 | 10:18 AM
COLOMBO (Newsfirst) - විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අවසන් වී විනාඩි කිහිපයක් ගතව යද්දී කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වටකළ පිරිසක් කළහකාරී ලෙස හැසිරුණි. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලයට පරිශ්‍රය තුළ කොටු වී සිටින්නට සිදුවිය. කළහකාරී ලෙස හැසිරුණු පිරිස සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිපිරීම් සිදුකරමින් පැයකට අධික කාලයක් රැඳී සිටියේය. කොළ පැහැති කොඩි ද අතැතිව පැමිණි මෙම කණ්ඩායම අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඉදිරියෙන්ම සිටියේය. මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළට රැස්වී සංවිධානාත්මක අයුරින් පැමිණ මෙම ක්‍රියාවේ නිරත වී තිබුණි. පැයකට අධික කාලයක් රැඳී සිටි පිරිස පසුව ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එබැවින් කිත්සිරි රාජපක්ෂ මහතාට අප සිහිපත් කරනුයේ ඔබ යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901056889954560/ 2nd Update  https://www.facebook.com/NewsfirstSL/videos/1901113229948926/ 3rd Update  https://www.facebook.com/NewsfirstSL/videos/1901204999939749/ 4th Update  https://www.facebook.com/NewsfirstSL/videos/1901251643268418/