රත්‍රං මිල ඉහළ යන ලකුණු

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යන ලකුණු

by Sagarika Chathumali 05-04-2018 | 6:19 PM
News 1st : මේ වසර අවසන් වීමට පෙර ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1450 ක් දක්වා ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් කාර්තුව තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල 3. 61% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී ලෝක වෙළෙඳපොළේ රත්‍රං සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත්තේ 1% කින් පමණක් බව ද වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අලෙවි කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 1335යි ශත 10 ක මිලකටයි.