ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී

by Chathuranga Rajapaksha 05-04-2018 | 7:47 AM
COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීම කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සමත් විය. ඒ, එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134ක් එසවිය. ඒ අනුව චතුරංග එසවු මුළු බර කිලෝ ග්‍රෑම් 248කි. මෙම ඉසව්වේ රන් පදක්කම මලයාසියාවට හිමි වූ අතර රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.