පාසල් කාලය තුළ ටියුෂන් පන්ති තහනම්...?

පාසල් පැවැත්වෙන කාලය තුළ ටියුෂන් පන්තියට වැට බැඳෙන ලකුණු

by Sagarika Chathumali 05-04-2018 | 6:52 PM
News 1st (COLOMBO)  පාසල් පැවැත්වෙන පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඇතැම් අවස්ථාවලදී පාසල් දරුවන් පාසල් නොපැමිණ, උපකාරක පන්තිවලට සහභාගීවීම විලාසිතාවක් වී ඇති බවයි. එම තත්ත්වය තුළ පාසල්වල අධ්‍යාපනය කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර උසස් පෙළට අදාළ ඇතැම් ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු ද දරුවන්ට අහිමි වී තිබේ. ඇතැම් පාසල්වල උසස් පෙළ පන්තිවල සිසුන් පාසල් පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටීමට මෙය හේතුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.