ජල බෝතල්වල ප්‍රමිතිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

පානීය ජල බෝතල්වල ප්‍රමිතිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

by Sagarika Chathumali 05-04-2018 | 7:02 PM
COLOMBO (News 1st)  : පානීය ජල බෝතල්වල මිල හා ප්‍රමිතිය පිළිබඳව වහා ම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කරනු ලැබීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදීයි. දිස්ත්‍රික්ක 09 පවුල් 1,43,235 දෙනෙක් වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව සිටිති. ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සපයා දීම, වියළි සලාක ලබාදීමේ වැඩ සටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.