තවත් මාධ්‍ය සංගමයක් සිරසට එල්ල වූ ප්‍රහාරය හෙළාදකී

ද. ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයත් සිරස කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෙළාදකී

by Sagarika Chathumali 05-04-2018 | 7:25 PM

COLOMBO (News 1st)  : දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව ද ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක තිබේ.

එම ශාඛාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ , මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ නිර්ලජ්ජිත ප්‍රහාරයක් බවයි. ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයක් බිය ගැන්වීමට මෙලෙස ක්‍රියා කිරීම අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කිරීමක් බව ද දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සඳහන් කර තිබේ.