"හෙට ගෙදර ගියත් කමක් නැහැ" - ඇමති දයාසිරි

"හෙට ගෙදර ගියත් කමක් නැහැ... අපට කොන්දක් තියනවා" - ඇමති දයාසිරි

by Hashini De Mel 04-04-2018 | 8:33 PM

COLOMBO (News 1st) - අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

"අපට කොන්දක් තියනවා විශ්වාසභංගයට පක්ෂව අත උස්සලා හෙට ගෙදර ගියත් කමක් නැහැ"
අමාත්‍යවරයා මේ බව පැවසූවේ, විශ්වාසභංග විවාදයට එක්වෙමිනි. ආණ්ඩුවක් විදියට තව දුරටත් ඉදිරියට යන්නේ නම් ඒ ප්‍රතිපත්ති මාලාවක් යටතේ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම එජාපයට නිදහස් පක්ෂයේවත්, නිදහස් පක්ෂයට එජාපයේවත් ඉදිරි ගමන තීන්දු කිරීමට අයිතියක් නැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.