අල්ලස් ලබා ගත් දෙදෙනෙකුට වසර 4ක සිර දඬුවම්

අල්ලස් ලබා ගත් දෙදෙනෙකුට වසර 4ක සිර දඬුවම්

by Staff writer 04-04-2018 | 12:58 PM
COLOMBO (Newsfirst) - පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක අල්ලසක් අයැදීම සහ ලබා ගැනීම යන අ‍ධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ අම්පාර දිසා අ‍ධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරයාට වසර 4ක සිර දඬුවමක් හා රුපියල් 6000ක දඩයක් කො‍ළඹ මහා‍ධිකරණ විනිසුරු විකුම් ක‍ලුආරච්චි මහතා අද නියම ක‍ළේ ය. රුපියල් 1500ක අල්ලසක් අයැදීම සහ ලබා ගැනීම යන අ‍ධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ අම්පාර දිසා අධිකරණයේ හිටපු ප්‍ර‍ධාන ලිපිකරුට වසර 4ක සිර දඬුවමක් හා රුපියල් 6000ක දඩයක් ගෙවීමට ද එහිදී විනිසුරුවරයා නියෝග කළේ ය. අම්පාර දිසා විනිසුරුවරයා විසින් ලබාදෙන ලද නඩුවක තීන්දු පිටපතක් ලබා දීම සඳහා අම්පාර ප්‍රදේ‍ශයේ පදිංචිකරුවෙකුගෙන් එකී අල්ලස ඉල්ලා ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් ස‍භාව විසින් පවරා තිබූ නඩුවක් වි‍භාග කළ මහා‍ධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් එම චෝදනා 4ටම වරදකරුවන් බවට නියෝග කරමින් මෙම දඬුවම් නියම ක‍ළේ ය. 2009 ජූලි මස 17 වන දින එකී අල්ලස ලබාගෙන ඇතැයි පැමි‍ණිල්ලෙන් කියැවිණි.