අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද දිනයේත්

ලිඛිතව තම ඉල්ලිම් ලබා දෙන්නේ නම් වර්ජනය අත්හරින බව අනධ්‍යයන සේවකයෝ කියති

by Staff writer 03-04-2018 | 7:29 AM
COLOMBO (Newsfirst) - ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි අද දිනයේ ලිඛිතව චක්‍රලේඛයක් මගින් තම ඉල්ලීම් ලබා දෙන්නේ නම් වැඩ වර්ජනය අත්හරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ තම සංගමය රැස්ව එම තීරණය ගත් බව ය. ඊයේ පස්වරුවේ අමාත්‍ය කබීර් හෂීම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සමග අනධ්‍යයන සේවකයින් පැවැත්වූ සාකච්ඡාවේදී තම ඉල්ලීම් ලබා දීමට එකඟතාව පළ කළ බව එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ ය. අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක ය.