හොරෙන් රේස් පැද්ද යතුරු පැදි 10ක් පොලිස් දැලේ

මහ රෑට කොළඹ හොරෙන් රේස් පැද්ද යතුරු පැදි 10ක් පොලිස් දැලේ

by Hashini De Mel 03-04-2018 | 7:11 PM

COLOMBO (News 1st) - අධික වේගයෙන් කොළඹ වීදිවල රේස් පදින යතුරු පැදි 10 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ, කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගවල රාත්‍රී කාලයේ අනවසරයෙන් මෝටර් රථ ධාවන තරගවලට යොදා ගත් යතුරු පැදි ය. කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ, ධාවන තරග සඳහා යොදාගන්නා මාදිලියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද තම භාරයට ගත් බවයි. රාත්‍රී කාලයේ සංචාරයේ යෙදෙන පොලිස් මෝටර් රථවලට රාජකාරියේ යෙදීමට පවා අපහසු ලෙස එම යතුරු පැදි හා මෝටර් රථ අධික වේගයෙන් ධාවනය කර තිබේ. ඒ අනූව සිකුරාදා රාත්‍රියේ කුරුඳුවත්ත පොලීසිය සිදු කළ මෙහෙයුමකින් පසු පොලිස් භාරයට ගැණුන මෙම යතුරු පැදි සියල්ල එන්ජින් ධාරිතාව සිසී 400 හා සීසී 600 අතර අධිසුඛෝපභෝගී ගණයට අයත් ඒවා ය. පොලිස් භාරයේ ඇති යතුරු පැදි බොහෝමයක් මොටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ නීති රිතීවලට පටහැනිව එකලස් කළ ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් කුරුඳුවත්ත පොලීසිය පවසා ඇත.