මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

by Hashini De Mel 03-04-2018 | 4:57 PM

COLOMBO (News 1st) - සියලුම මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සුදානම් වනු ඇත.

එම අමාත්‍යංශය සඳහන් කළේ, මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ආශ්‍රිතව දිවිගෙවන ධීවර ජනතාවගේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇති බවයි. 2018 වසර අවසානය වන විට මේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටොන්. 2,38,000 දක්වා ඉහළ නැංවීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉලක්කය වනු ඇත.