පේරාදෙණිය පාරේ ගණිකා නිවාසයක් වටලයි

පේරාදෙණියේ ගණිකා නිවාසයක් වටලයි: ආයුර්වේද වෛද්‍යවරියකුත් අත්අඩංගුවට

by Sagarika Chathumali 03-04-2018 | 2:21 PM
COLOMBO (News 1st)  : මහනුවර, පේරාදෙණිය මාර්ගයේ සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර පොලිස් දුෂණ මර්දන කොට්ඨාසය විසින් ඊයේ වටලනු ලැබී ය. වැටලීමේදී ගණිකා වෘත්තියේ නියළුණ බවට සැකපිට කාන්තාවක් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ආයුර්වේද වෛද්‍යවරියක ද වේ. තලාතුඔය, මරාස්සන පුජා පිටිය, කොළඹ පදිංචිකාරියෝ වන මෙම කාන්තාවෝ වයස අවුරුදු 39, 42, 35, 28 සහ 30 යන වයස්වල පසුවෙති. මීට අමතරව සාම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වසර ගණනාවක සිට මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=5P8Y4ARnurc