"දෙමළ ජා.සන්ධානය විශ්වාසභංගයට සහභාගි නොවිය යුතුයි"

"දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග විවාදයට සහභාගි නොවිය යුතුයි" - චාල්ස් නිර්මලනාදන්

by Chathuranga Rajapaksha 03-04-2018 | 5:24 PM

COLOMBO (News 1st) - දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි නොවිය යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසා ඇත.

සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඔහු ප්‍රකාශ කර සිටියේ,
වැරැද්ද සිදු කළේ කවරෙකු වුවත් ඔහු රටේ ජනපති හෝ අගමැති වෙන්න පුළුවන් ඒ, වැරැද්ද පිළිබඳ සත්‍ය තහවුරු වුවහොත් ඔවුන් එම තනතුරෙන් ඉවත්වීමයි යහපාලනය. මේ විවාදයට සහභාගි නොවී සිටීම සුදුසුයි කියා මා අපේ රැස්වීමේදි යෝජනා කරනවා. අප සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාම මේ ගැන තීරණයකට එයි කියලා විශ්වාස කරනවා.