ගම්මැද්දෙන් තව ත් පානීය ජල ව්‍යාපෘතියක්

ගම්මැද්දෙන් තව ත් පානීය ජල ව්‍යාපෘතියක්

by Hashini De Mel 03-04-2018 | 8:50 PM

COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩදහස ක්‍රියාන්විතය යටතේ මින්නේරිය අක්කර 70 ශ්‍රී විජය ධර්මායතන සේනාසනයේ පානීය ජල ව්‍යාපෘතිය අද විවෘත කෙරිණි.

ඊට අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ, එස්ලෝන් ලංකා පුද්ගලික සමාගමයි. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් සිදු කරන මෙම සෙනසුනේ, භීක්ෂුන් වහන්සේ අට නමක් වැඩ වෙසෙනු ඇත. වකුගඩු රෝගය බහුල ප්‍රදේශයක පිහිටි මෙම විහාරස්ථානයට වැඩවසන භික්ෂූන් වහන්සේ මෙතෙක් කල් ජලය ලබා ගත්තේ ප්‍රදේශයේ ප්‍රජාමූල ජල ව්‍යාපෘතියකිනි. එහෙත් වසරේ බොහෝ කාලයක් දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතීම හේතුවෙන් ලැබෙන ජලය සීමිත වේ. සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයට අයත් එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම පානීය ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට සිය කැමැත්ත පළ කළේ ගම්මැද්ද වැඩදහස ක්‍රියාන්විතයට ශක්තියක් වෙමිනි. මීට සමගාමීව එස්ලෝන් ආයතනය සහ ගම්මැද්ද එකතුව තුරු කැපකරු නමින් පැල සිටුවීමේ වැඩසටහනකට එක් විය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1732966806759558/