අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF දැලට හසුවෙයි

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF දැලට හසුවෙයි

by Sagarika Chathumali 03-04-2018 | 10:07 AM

COLOMBO (News 1st) : පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, චීටි නොහොත් සරත් කුමාර නමැති අදාළ සැකකරු අද උදෑසන කොටිකාවත්ත ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි. 41 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. ඔහු අද සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.