විදුලිසැර වැදීමෙන් දඹුල්ලේ එකම පවුලේ දෙදෙනෙකු මරුට

විදුලිසැර වැදීමෙන් දඹුල්ලේ එක ම පවුලේ දෙදෙනෙකු මරුට

by Staff writer 03-04-2018 | 9:29 AM
COLOMBO (Newsfirst) - විදුලිසැර වැදීමෙන් දඹුල්ල, කිරළැස්ස ප්‍රදේශයේදී එක ම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, කිරළැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි හා 56 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මව සහ පියා යි. සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සවස කෙක්කක් ආධාරයෙන් පොල් කැඩීමට යාමේදී අසල තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මොවුන් මෙම අනතුරට පත් විය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.