ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු පත් කෙරේ

ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු පත් කෙරේ

by Sagarika Chathumali 02-04-2018 | 3:12 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු පත් කර තිබේ.

සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, රංජිත් ප්‍රනාන්දු මහතායි. මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පොල සහ අාචාර්ය රොෂාන් පෙරේරා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. එයාර්මාෂල් කපිල ජයම්පති මහතා ද ගුවන් සේවයේ නව අධ්‍යක්ෂවරයෙකි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය 29 වන දා පිළිගැනීමෙන් අනතුරුව නව පත් කිරීම් සිදු කර ඇත.