භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියකට මහ බැංකුව සැරසේ

by Hashini De Mel 02-04-2018 | 3:58 PM

COLOMBO (News 1st) - 10,28000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වනු ඇත.

එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ අනිද්දා (04) දිනයේ වන අතර ඊට අදාළ ගෙවීම් අප්‍රේල් 6 වැනි දිනට පෙර කළ යුතු වේ. භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු ලබා ගැනීමේ අවසන් දිනය සහ වේලාව, අනිද්දා (04) පෙරවරු 11.00 බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.