by Hashini De Mel 02-04-2018 | 5:37 PM
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයෙකු වන ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු සතුව තිබී T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ තොගයක් ද හමු වූ බවයි.
ජාඇළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පාතාල නායකයින් වන පෙතියාගොඩ සංඛ සහ කොස්මල්ලී යන අයගේ සහයකයෙකු ද අද අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.