දඹුල්ලේ මාරක අනතුරක් : සිව් දෙනෙක්  මරුට

දඹුල්ලේ මාරක අනතුරකින් දරුවෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

by Sagarika Chathumali 02-04-2018 | 7:53 AM
COLOMBO (News 1st) : දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී සිදු රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් අද උදෑසන අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනකු, ගැහැනු දරුවෙකු සහ කාන්තාවක් එලෙස මියගොස් තිබේ. අනතුරට ලක්වූ පුද්ගලයින් කුමන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1897288816998034/