චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට....

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට....

by Sagarika Chathumali 02-04-2018 | 9:46 AM

COLOMBO (News 1st)  : චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි.

එම ඒජන්සිය සඳහන් කළේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාලිඟය හෙවත් ටියැංගොන්- 1 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපය ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වූ බවයි. 2016 වසරේ මාර්තු මාසයේදී ටියැංගොන් - 1 අක්‍රිය වූ අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ටියැංගොන් - 1 නැමති සිය දෙවන අභ්‍යවකාශ විද්‍යාගාරය පිහිටුවීය. ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර ඉන් 5 වසරකට පසු එහි මෙහෙයුම් නිමා විය. 2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවයි. පෙර පුවත් පහතින්.... 

ඉදිරි පැය කිහිපයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සුන්බුන් මහ පොළොවට කඩා වැටෙයි