විශ්වාසභංගයට සහය වන පාගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

by Sagarika Chathumali 02-04-2018 | 7:40 AM
COLOMBO (News 1st)  : අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට නගරයට ළඟා විය. එය අද දිනයේ නෙළුම්දෙණියෙන් ගමන් ආරම්භ කරයි. පාගමන නම් කර ඇත්තේ, ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය ලෙසයි. එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1897202890339960/