අගමැතිගේ ඉරණම විසඳන විශ්වාසභංගයට කුමක් වෙයි ද?

අගමැතිගේ ඉරණම විසඳන විශ්වාසභංගයට කුමක් වෙයි ද?

by Hashini De Mel 02-04-2018 | 9:39 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාට එරෙහි විශ්වාසභංගය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත.

ඔහු කියා සිටියේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් විශ්වාසභංගය පිළිබඳ තීන්දුව ගැනීම ප්‍රමාදවී ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා අද යාපනයේදී පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඉඟි පළ කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ පා.ම, ඊ. සරවනබවන්,

රනිල් වික්‍රමසිංහ මහතා මේ විශ්වාශභංග යෝජනාවෙන් ජයග්‍රහනය කළා නම් එතුමා සමග තවදුරටත් රජයේ රැඳි නොසිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා අපි මේක වැඩි අවධානයට යොමු කරනවා අපේ අවශ්‍යතාය ඉටු කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් නැති ආණ්ඩුවක් නැත්නම් අපිට ප්‍රයෝජනයක් නෑ.
සරවනබවන් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළත්, දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් පොදු මතයේ සිටින්නේ ද යන ප්‍රශ්නයක් ඇත. ඔවුන් වෙන වෙනම ගොස් අගමැතිවරයාගේ කණ්ඩායම හමුවී සාකච්ඡා කර තිබේ. ශිව ශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ ඊ. පී. ආර්. එල්. එෆ් පක්ෂය නියෝජනය කර ඇත. අද ඔහුගේ පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තනිව අගමැති හමුවී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා පහුගියදා ප්‍රකාශ කළේ, එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊළග සැරේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න සූදානමින් සිටින බවයි. ඒ ගැන ජනතාව තුළ ත් සැකයක් පවති. දෙමළ ජාතික සන්ධානයේ පොදු මතය කිහිප දෙනෙක් එකතුවී සල්ලිවලට, නැත්නම් වෙනත් වරප්‍රසාදවලට පාවා දෙයි ද? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන්නෙත් තවම තීරණයක් අරගෙන නොමැති බවයි. නමුත් මුස්ලිම් කොංග්‍රසයට විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහයෝගය දෙන්න පුළුවන් ද?

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, ඒ. එච්. එම්. හාරිස්,

අම්පාරේ සිද්ධියෙන් පසුව එහි පැමිණෙන ලෙස අපි අග්‍රාමාත්‍යවරයාට දිගටම පැවසුවා. නමුත් අම්පාර ප්‍රදේශයට එන්න තරම් අග්‍රාමාත්‍යවරයාට ධෛර්යක් තිබුන් නෑ එතුමා ඔලුවිල් ප්‍රදේශයට ඇවිත් එතනින් යන්න ගියා. නුවර දිගන ප්‍රදේශයේ නොසන්සුන්තාවක් මතු වූ අවස්ථාවේදී මම අග්‍රාමාත්‍යවරයාට මේ බව පැවසුවා හැකි ඉකිමනින් මේක පාලනය කරන්න කියලා මම ඉල්ලුව නමුත් එතුමා එකට ඇහුම්කම් දුන්නෑ. අග්‍රාමාත්‍යවරයාට මම එක දෙයක් කියන්න කැමතියි ඔබතුමා දේශපාලන වශයෙන් අර්බුදයකට මහුණදීලා තියෙනවා. අපි අවසාන වශයෙන් ඔබතුමාට අවවාද කරනවා විශ්වාශභංග යෝජනාවේදී මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාම ඔබතුමාට එරෙහිව ඡන්දය ප්‍රකාශක කිරීමට වෙයි කියන එක කියන්න කැමතියි

එක්සත් සාම පෙරමුණේ මහ ලේකම්, හසන් අලි,

රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය දරන විට තමයි අම්පාර හා නුවර ප්‍රදේශයේ සිදු වූ සිදුවීම් වුනේ. විශ්වාසභංග යෝජනාවේ 14 වැනි වගන්තිය ලෙස මෙය සඳහන් වෙනවා. එම නිසා එම කාරනාව අපිට අවධානයට යොමු කරන්න නැතුව ඉන්න බෑ මේක පදනම් කරගෙන අවසන් තීන්දුවට යන එක හොඳයි කියන එකයි අපේ ස්ථාවරය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් කොටි ගණනන් මුදල් හුවමාරුවන එක මම දැක්කා අද මේවායේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා.
මේ පසුබිම තුළ රාවුෆ් හකීම් ඇමතිවරයා කුමන තීරණයක් ගනීවි ද? අගමැතිවරයාගේ කණ්ඩායම එක්ක වරින් වර කතා කරලා මේ ස්ථාවරය වෙනස් කරයි ද? වෙනස් කළොත් ඒ කුමක් සඳහා ද? රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය මේ... https://www.youtube.com/watch?v=Oa_0tX9LNyg