36 දෙනෙකුගේ ශ්‍රී පාද ගමන් අධිකරණයට හැරවූ කෝරා..

36 දෙනෙකුගේ ශ්‍රී පාද ගමන් අධිකරණයට හැරවූ කෝරා..

by Sagarika Chathumali 01-04-2018 | 9:32 PM

COLOMBO (News 1st) : ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පසුගිය දින දෙක තුළ පැමිණි පිරිස් අතුරින් මත්ද්‍ර‍ව්‍ය රැගෙන ගිය 36 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ දැයි, පරීක්ෂා කෙරුණේ හැටන් - දියගල ප්‍රදේශයේදී ය. හැටන් පොලීසිය මෙම වැටලීමට යොදා ගත්තේ පොලිස් නිල සුනඛ අංශයේ -කෝරා- නමැති සුනඛයායි. සැකපිට අත්අඩංගුවට ගැනුණු 36 දෙනා සතුව විවිධ වර්ගයේ මත්ද්‍ර‍ව්‍ය තිබූ බව පොලිසිය පැවසී ය. අප වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අද හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍ර‍නාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කළ බවයි. ඔවුන්ට ලබන අඟහරුවාදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා ඇප මත මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.