ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාදයට හේතු මොනවා ද?

ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාදයට හේතු මොනවා ද?

by Hashini De Mel 01-04-2018 | 7:09 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගමන් ආරම්භයේදී ම ප්‍රමාදවීමට හේතුව ඊ - ටොප් හෙවත් පියාසර කිරීමේ ධාරිතා පහසුකම අහිමිවීම බව එම සමාගමේ නියමුවන්ගේ සංසදය පවසා ඇත.

කටුනායක ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ගමන් ආරම්භයේ ප්‍රමාදවීම් 900 ක් වාර්තා වී ඇති අතර ඉන් ගමන්වාර 280 ක් පමණ පැයකට වැඩි කාලයක් ප්‍රමාදවී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත අද අනාවරණ කළේ ය. ජනවාරි මාසයේ ගුවන් ගමන් වාර 840 ක් පමණ ප්‍රමාද වී ඇති අතර ඉන් ගමන් වාර 121 ක් පමණ පැයකට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ. දිගින් දිගටම සිදුවන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් මග හරවා ගැනීම සඳහා නව ගුවන් කාල සටහන් හඳුන්වාදිය යුතු බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමු සංසදය පවසා ඇත.