පතාල මධුෂ් අල්ලා ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක්

මාකඳුරේ පාතාල මධුෂ් අල්ලා ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක්

by Hashini De Mel 01-04-2018 | 7:08 PM

COLOMBO (News 1st) - පාතාල නායක මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීමට පොලීසිය සුදානම් වෙමින් සිටි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පාතාල නායකයින්ගේ අනුගාමිකයින් රැසක් පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. මේ අතර ප්‍රබල පාතාල නායකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා ඇත. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායම් රැසක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට යොමු කර ඇති බව ය. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ පමණක් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 8කි. ප්‍රධාන පාතාල කණ්ඩායම් 3 ක් අතර ගැටුම මෙම ඝාතනවලට හේතුවී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේ ය.