by Sagarika Chathumali 01-04-2018 | 8:30 PM
COLOMBO (News 1st) : හෙරොයින් ගිලදමා දිවයිනට පැමිණි නේපාල ජාතිකයාගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 90 ක් පිටතට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, එලෙස පිටතට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් 800 ක් වන බවයි.
ඒ අනුව එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 90 පමණ වේ.
පෙරේදා පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් ඩුබායි සිට පැමිණි මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ.
සැකකරු පෙරේදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙරොයින් ගිල මෙරටට පැමිණි අයගෙන් වැඩි ම හෙරොයින් ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.