චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් මහ පොළොවට....

ඉදිරි පැය කිහිපයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සුන්බුන් මහ පොළොවට කඩා වැටෙයි

by Sagarika Chathumali 01-04-2018 | 6:08 PM

News 1st : ටියැංගොන් - 1 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරි පැය 24 තුළදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි, එය නිරීක්ෂණය කරන විද්‍යාඥයෝ පවසති.

යුරෝපීය අභ්‍යවකාශ ඒජනසියේ අනාවැකිවැකි උපුටා දක්වමින් චීන අභ්‍යවකාශ ආයතනය පවසන්නේ, ඉදිරි පැය 24 තුළදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇති බවයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර වසර 5කට පසු එහි මෙහෙයුම අවසන් කෙරිණ. 2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවත් ය. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ නවතම අනාවැකි පවසන්නේ, අභ්‍යකාශ මාධ්‍යස්ථානය බීජිං වේලාවෙන් අප්‍රේල් 2 වන දා 7.25ට පෘථිවි වායු ගෝලයට ඇතුළු විය හැකි බවයි. එහෙත් එම වේලාව ඉරිදා සවස් කාලයේ සිට සඳුදා උදෑසන දක්වා විය හැකි බවට ද මත පළ වී ඇත. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ, පැයට කිලෝමීටර් 26,000ක වේගයෙන් පෘථිවිය වායුගෝලයට ඇතුළු වන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නවසීලනත්යේ සිට මධ්‍යම අමෙරිකාව අතර ප්‍රදේශයට ම කඩා වැටෙනු ඇති බවයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බන් පෘථිවි වායු ගෝලයට ඇතුළු වත්ම ගිනිගෙන විනාශ වනු ඇති.එහෙත් තෙල් ටැංකි, රොකට් එන්ජින් වැනි සම්පූර්ණයෙන් ගිනි නොගන්නා ඇතැම් සුන්බුන් කොටටස් පෘථිවියට කඩා වැටිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විද්‍යාඥයින් පවසන්නේ, මිනිස් වාසය සහිකත ප්‍රදේශවලට සුන්බුන් පතිත වීමේ අවදානමක් නොමැති බවයි.

චීන අභ්‍යවකාශ මෙහෙයුම්වල ඇරඹුම...

2001 වසරේදී සතුන් යොදා ගනිමින් චීනය පළමු වරට අභ්‍යවකාශ මෙහෙයුම් ඇරඹී ය. අමෙරිකාව සහ සෝවියට් රුසියාවෙන් පසු චීන ප්‍රථම වරට ගඟනගාමියෙකු සහිත අභ්‍යවකාශය යානයක් වෙත පිටත් කර හැරියේ 2003 වසරේදී ය. චීනයේ පළමු කාන්තා ගඟනගාමිනිය වන ලියු යෑන් 2012 වසරේදී අභ්‍යවකාශ ගමනක නිරකත වූවා ය. චීනය මේ වනවිට ටියැංගොන් - 2 අභ්‍යවකාශ මෙහෙයුමේ නිරතව සිටින අතර චීනයේ ඔවුන්ගේ අපේක්ෂාව 2022 වන විට මිනිසුන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමයි.