අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කෙරේ

by Hashini De Mel 01-04-2018 | 5:31 PM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබාදීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමේ අවකාශය සලසන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. ලබන සතියේ සිට වසර අවසන් වනතෙක් ස්ථාවර මිලකට ධීවර සංස්ථාව මගින් මාළු අළෙවි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පොල් අපනයනය සීමා කිරීමට රජය තීරණය කර ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පොල් සඳහා පාලන මිලක් පනවා තිබුණ ද එය සාර්ථකව ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.