විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා - එස්. බී. දිසානායක

by Chathuranga Rajapaksha 01-04-2018 | 7:08 AM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලබන 02 වනදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය. ලබන 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1896084900451759/