විශ්වාසභංගයට සහාය දක්වන පාගමන දෙවැනි දිනටත් අරඹයි

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මාවනැල්ලෙන් ගමන් අරඹයි

by Chathuranga Rajapaksha 01-04-2018 | 11:00 AM
COLOMBO (Newsfirst) - අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් ක්‍රියාත්මක පාගමන අද දෙවැනි දිනට ත් ආරම්භ විය. ඒ අනුව පාගමන මාවනැල්ලේ සිට නෙළුම්දෙණිය දක්වා ගමන් ආරම්භ කළේය. මහනුවරින් ආරම්භ වූ පාගමන පේරාදෙණිය, කිරිබත්කුඹුර, පිලිමතලාව හා කඩුගන්නාව පසුකරමින් ඊයේ පස්වරුවේ මාවනැල්ලට නගරයට ළඟා විය. මෙම පාගමන නම් කර ඇත්තේ 'ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය' ලෙස ය. එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ. පාගමන හෙට නෙළුම්දෙණියේ සිට නිට්ටඹුවට ත් අනිද්දා නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩට ත් පැමිණීමට නියමිත ය. පා ගමන පාර්ලිමේන්තුව ආසන්නයට ළඟා වන්නේ, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා යි. https://www.facebook.com/NewsfirstSL/videos/1896260023767580/