Bestweb 2018
Bestweb 2018
සමයං සහ අංගොඩ ලොක්කාගේ පතාල සගයින් දෙදෙනෙක් අත්අඩංගුවට

සමයං සහ අංගොඩ ලොක්කාගේ පතාල සගයින් දෙදෙනෙක් අත්අඩංගුවට

සමයං සහ අංගොඩ ලොක්කාගේ පතාල සගයින් දෙදෙනෙක් අත්අඩංගුවට

19 Apr, 2018 | 6:39 am

COLOMBO (News 1st)  : මීගොඩ සහ මිනුවන්ගොඩදී පතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මීගොඩ ප්‍රදේශයේදී සමයං නමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ පෙරවරුවේ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කා නමැති පතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකි.

ඔවුන් දෙදදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මීගොඩ සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.

මේ අතර මාර්තු මස 11 වන දා සිට මේ දක්වා කාලය තුළ පතාල කල්ලි සමාජිකයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

කර්තෘ: Sagarika Chathumali