නේපාල ජාතිකයාගේ උදරයේ හෙරොයින් ගුලි 40 ක්

UPDATE:- නේපාල ජාතිකයාගේ උදරයේ හෙරොයින් ගුලි 40 ක්

by Chathuranga Rajapaksha 31-03-2018 | 7:31 AM
COLOMBO (Newsfirst) - හෙරොයින් ගිල දිවයිනට පැමිණි නේපාල ජාතිකයාගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 40 ක් පිටතට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, එහි බර ග්‍රෑම් 400 ක් වන බව ය. සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45 කි. ඊයේ පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ, කටුනායක ගුවන් තොටුපොළ ඒකකය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ය. සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ රඳවා තිබේ. සැකකරු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රදවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිවිය.