වීසා ලබා දීමේදී අමෙරිකාවේ නවතම කොන්දේසිය

වීසා ලබා දීමේදී සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමට අමෙරිකාව සැරසෙයි

by Chathuranga Rajapaksha 31-03-2018 | 2:06 PM
අමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා ලබා දීමේදී අයැදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමට අමෙරිකාව සූදනම් වේ. ඒ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේනතුවේ යොජනාවකට අනුවයි. මේ යටතේ අමෙරිකානු වීසා අයැඳුම්කරුවන් සිය ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් පිළිබඳ තොරතුරු ලබා දිය යුතු වේ. විදෙස් වාර්තා සඳහන් කළේ, වසර පහක කාලයක් සඳහා සියලු සමාජ මාධ්‍යන්ගේ භාවිතය පිළිබඳ ඉතිහාසය මේ යටතේ දැක්විය යුතු බව ය.