මී කිරි කනවනම් මේ ගැන ත් දැනුවත් වෙන්න?

මී කිරි කනවනම් මේ ගැන ත් දැනුවත් වෙන්න?

by Chathuranga Rajapaksha 31-03-2018 | 6:42 AM
COLOMBO (Newsfirst) - මී කිරි කල්තබා ගැනීම සඳහා ජෙලටින් මිශ්‍ර කිරීමේ සිද්ධින් රැසක් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, මී කිරි සඳහා එවැනි සංඝටක එක් කිරීම නීති විරෝධි බව ය. එවැනි ස්ථාන වැටලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයාගේ උපදෙස් මත හෙට සිට වැටලීම් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ, අහාර පනත යටතේ ස්වභාවික ආහාර සඳහා විවිධ රසායනික සංඝටක එක් කිරීම නීති විරෝධී බව ය. ඒ හේතුවෙන් මී කිරි නිෂ්පාදනය සඳහා ජෙලටින් මිශ්‍ර කර ඇත්දැයි සොයා වැටලීම් ආරම්භ කිරීමට නියෝග කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ මී කිරි කල් තබා ගත හැක්කේ සතියක කාලයක් පමණක් බව ය. ඊට වැඩි කාලයක් කල් තබා ගත හැකි මී කිරි නිෂ්පාදන වෙළඳපොලේ පවතී නම් එම නිෂ්පාදන මිලදි ගැනීමෙන් වළකින ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.