ටී 56ක් සමග හමුදා සෙබළෙකු සහ තවත් අයෙකු කොටුවෙයි

මතුගමදී ටී 56 ගිනි අවියක් සමග හමුදා සෙබළෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 31-03-2018 | 8:26 AM
COLOMBO (Newsfirst) - මතුගම, කටුගහහේන, සොල්දොරකඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවු මැගසින් එකක් සන්තකයේ තබා සිටි හමුදා සෙබළෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි. සැකකරුවන් සමග මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 41 වයසේ පසුවන අතර ඔවුන් මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය. සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.