ගෝඩා බැරල් 7ක් සමග 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

ගෝඩා බැරල් 7ක් සමග 21 හැවිරිදි තරුණයෙකු පොලිස් දැලේ

by Chathuranga Rajapaksha 31-03-2018 | 8:41 AM
COLOMBO (Newsfirst) - ඒකල, ඔතේකැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා ගෝඩා බැරල් 7ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණයක් වන තඹ දඟරයක් ද තම භාරයට ගත් බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැටලීම සිදු කරනු ලැබ තිබේ. අත්අඩංගුවට පත් සැකකරු 21 හැවිරිදි නෙළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ජා-ඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.