ගිං ගඟේ ගිලී කාන්තාවන් සිව් දෙනෙක් මියැදෙති

ගිං ගඟේ ගිලී මවක, දියණියක ඇතුළු සිව් දෙනෙක් මරුට

by Sagarika Chathumali 31-03-2018 | 4:35 PM
COLOMBO (News 1st)  : ගාල්ල , හිනිඳුම නුගගල මාවත ප්‍රදේශයේදී ගිං ගඟේ ගිලී කාන්තාවක, සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගාල්ල , හිනිඳුම නුගගල මාවත ප්‍රදේශයේදී ගිං ගඟේ ගිලී කාන්තාවක, සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසීය පැවසුවේ, මවක, දියණියක සහ දියණියගේ යෙහෙළියන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනතුරින් මිය ගිය මව 39 වන වියේ පසු වන අතර ගැහැනු දරුවන් තිදෙනො ම 14 වැනි වියේ පසු වන සිසුවියෝ වෙති. මව සහ දියණිය හිනිඳුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දරුවන් දෙදෙනා තංගල්ල හා මාපලගම පදිංචිකාරියන් ය. අද පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මියගිය ඔවුන්ගේ මෘත ශරීර හිනිඳුම රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය පැවසී ය.