විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මාවනැල්ලට

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මහනුවරින් ඇරඹෙයි

by Chathuranga Rajapaksha 31-03-2018 | 12:56 PM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහය දක්වමින් අද මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක් ආරම්භ විය. ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය නමින්, එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පා ගමන සංවිධානය කර තිබේ. මහනුවර, ගැටඹේ දියකපනාතොට ඓතිහාසික විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ගැටඹේ ක්‍රීඩාංගණය අසලින් පා ගමන ආරම්භ විය. පා ගමන, පේරාදෙණිය, කිරිබත්කුඹුර, පිළිමතලාව, කඩුගන්නාව, පසුකරමින් අද පස්වරුවේ මාවනැල්ලට ළඟා විය. පා ගමන හෙට මාවනැල්ල නගරයේ සිට නෙළුම්දෙණිය දක්වා ගමන් කිරීමට නියමිතයි.