හෙරොයින් ගුලි 8ක් සමග විදේශිකයෙකු කොටුවෙයි

හෙරොයින් ගුලි 8ක් සමග විදේශිකයෙකු කොටුවෙයි

by Chathuranga Rajapaksha 30-03-2018 | 4:03 PM
COLOMBO (Newsfirst) - හෙරොයින් ගිල දිවයිනට පැමිණි විදේශිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ ඔහු පකිස්තානයේ සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ය. එම සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගෙන් හෙරොයින් ගුලි 08 ක් පිටතට ගෙන තිබේ. නේපාල ජාතික එම සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත ය.