මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදයි

by Staff writer 30-03-2018 | 8:41 AM
COLOMBO (Newsfirst) - ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු අද දිව්‍ය පූජාවල නිතර වෙති. පසුගිය ඉරිදා එනම් ගොබ් ඉරිදා ජේසුස් වහන්සේ ජෙරුසෙලමට ඇතුළු වීම සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් ශුද්ධ වූ සතිය ආරම්භ කළේ ය. අනතුරුව ඊයේ, ජේසුස් වහන්සේ සිය ගෝලයන් 12 දෙනා සමග අවසන් රාත්‍රී භෝජනය වැළඳූ අවස්ථාව සිහිපත් කරනු ලැබුවේ විශේෂිත දේව මෙහෙයකිනි. ඉන් පසුව ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම ලබන ඉරිදා එනම් පාස්කු ඉරිදා කිතු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් සමරනු ලබති.