Tiangong -1 ගෙන්වා ගැනීමට චීනය සැරසෙයි

ක්‍රියාවිරහිත වූ Tiangong -1 අභ්‍යවකාශ විද්‍යාගාරය ගෙන්වා ගැනීමට චීනය සැරසෙයි

by Staff writer 30-03-2018 | 10:16 AM
(Newsfirst) - ක්‍රියාවිරහිත වූ අභ්‍යවකාශ විද්‍යාගාරයක් නැවත ගෙන්වා ගැනීමට චීනය සූදානම් වේ. ටියැන්ගොන්ග් වන් නමින් හැඳින්වෙන අභ්‍යවකාශ විද්‍යාගාරය මෙම සති අන්තයේදී පෘතුවියට පැමිණීමට නියමිත ය. ඒ, චීනය සමග පැවති සන්නිවේදන සබඳතා ඇණහිටීම හේතුවෙනි. විද්‍යාඥයින් පවසන්නේ ටියැන්ගොන්ග් වන් අභ්‍යවකාශ විද්‍යාගාරය පෘතුවියට පැමිණීමේදී එය ගිනි ගැනීමට ඇති සම්භාවිතාව අඩු බව ය. මෙම අභ්‍යවකාශ විද්‍යාගාරය මුහුදු ප්‍රදේශයකට පතිත කිරීමට බලාපොරොත්තු වන බව ද විද්‍යාඥයෝ පවසති.