විශ්වාසභංගය පරාජය වුවහොත් කුමක් වෙයි ද?

අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට ජනපතිගේ සහය හිමි වන බවට පළ වන වාර්තා අසත්‍යයි - ලක්ෂ්මන් යාපා

by Staff writer 30-03-2018 | 1:46 PM
COLOMBO (Newsfirst) - විශ්වාසභංගය පරාජය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඊයේ අගමැතිවරයා හමුවී ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව ය. ලබන 02 වන දා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, යම් හෙයකින් ලබන 04 වන දා විශ්වාසභංගය පරාජය වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඉන් ඉදිරියට නොමැති බව ය.