හානි වූ මුදල් අද මාරු නොකළොත් අමාරුවේ !

හානි වූ මුදල් අද මාරු නොකළොත් අමාරුවේ !

by Hashini De Mel 29-03-2018 | 10:46 AM

COLOMBO (News 1st) - හානි වී ඇති මුදල් නෝට්ටු මාරු කර ගැනීම සඳහා ජනතාවට ලබා දී තිබූ කාලය මාර්තු 31 වන දායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබේ.

මුදල් නෝට්ටු මාරු කිරීමේ අවසන් දිනය මාර්තු 31 ලෙස නම් කළ නමුත් ඉදිරි දින දෙක එනම් 30 සහ 31 දෙදින රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කර ඇති බැවින් අද දිනයේ මුදල් නොට්ටු මාරු කිරීම කළ යුතු වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසූවේ, විකෘති මුදල් නොට්ටු වාණිජ බැංකු වෙත භාරදී පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගන්නා ලෙසත් මාර්තු 31 වන දා තෙක් දී තිබු කාලය කුමන හේතුවක් නිසාවත් දීර්ඝ නොකරන බවත් ය. නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සලකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණවලට හානි පැමිණ තිබේ නම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බව මහ බැංකුව පවසා තිබේ. https://www.youtube.com/watch?v=6tMCVB0ZiRg