සූර්යයා වෙත යෑමට අමෙරිකානු විද්‍යාඥයින්ගේ සූදානමක්

සූර්යයා වෙත යෑමට අමෙරිකානු විද්‍යාඥයින්ගේ සූදානමක්

by Hashini De Mel 29-03-2018 | 7:41 AM

COLOMBO (News 1st) - පෘථිවියේ සිට සූර්යයා වෙත ගමන් කිරීම සඳහා නව අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වනු ඇත.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පවසා ඇත. පාර්කර් සොල්ර් ප්රෝබ් නමින් හැඳින්වෙන මෙම යානය මේ වන විට මේරි ලෑන්ඩ්හි තිබෙන අතර එය සෙනසුරාදා ෆ්ලෝරිඩා බලා පිටත් කිරීමට සූදානම් වේ. මෙම මෙහෙයුම සඳහා සියලු වියදම් නාසා ආයතනය මගින් දරණ අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් ය. මෙම යානය සූර්යයාට සැතපුම් මිලියන 4 ක් දුරින් එය වටා වට 24ක් භ්‍රමණය කිරීමට නියමිත වේ. එහිදී සූර්යයා මගින් පෘථිවියේ උෂ්ණත්වයට කරන බලපෑම් ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු සෙවීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය. යානය ලබන ජූලි මාසයේදී සූර්යයා වෙත ගමන් කිරීමට නියමිත වේ.