.webp)
"එය මගේ නායකත්වයේ දුර්වලතාවයක්.... මට සමාවෙන්න.... මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි... මම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩා කිරිමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මං ආදරෙයි. ඔබ සැක සහිත තීරණයක් ගැනීම සිතන ඕනෑම වෙලාවක එය ඔබේ ආදරණීයයන්ට බලපාන ආකාරය ගැන සිතන්න... මගේ පියා සහ මව මේ ගැන වේදනා විඳිනු දැකීම දුකක්. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට, මගේ ක්‍රීඩා ලෝලීන්ට, ජනතාවට ගෙන දුන් වේදනාව සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා"
මේ අතර සාමජ මාධ්‍ය ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් ස්මිත් පවසන්නේ, තමා බරපතළ වරදක් කළ බව ත් එම වරද නිවැරදි කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගන්නා බව ත් ය. මීට අමතරව ඩේවිඩ් වෝනර් හා බ්රැන්කොෆ්ට් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර්ට නැවත කිසිදිනක සිය කණ්ඩායමේ නායකත්වය දැරීමට නොහැකි බවත් ස්මිත්ට හා බ්රැන්කොෆ්ට කන්ඩායමේ නායකත්වය දැරීමට හැකිවන්නේ තරග තහනම නිමා වී මාස 12 කට පසුව බවයි. තවද ස්මිත් , වෝනර් හා බ්රරැන්කොෆ්ට් තරග තහනමට ලක්ව සිටින කාලය තුළ පැය 100 ක කාලයක් සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සදහා සමාජ සේවයේ නිරත විය යුතු බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. මෙම තරග තහනම හේතුවෙන් වෝනර්,ස්මිත්ට හා බ්ර්රැන්කොෆ්ට එළැඹෙන අප්‍රේල් මස 7 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද අහිමි වනු ඇති.