සරසවි අනධ්‍යන සේවකයෝ තොවිල් නටති

සරසවි අනධ්‍යන සේවකයෝ තොවිල් නටති

by Sagarika Chathumali 29-03-2018 | 10:19 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනයේ 30 වන දිනය වන අද අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් කොළඹදී තොවිලයක් නටනු දක්නට ලැබිණ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි මේ පිරිස ශාන්තිකර්මය ඇරඹුවේ අද පෙරවරුවේයි. ඉල්ලීම්වලට විසඳුම් නොදීම නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 16000කට අධික පිරිසකුත්, සිය වැඩවර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනකුත් බරපතළ ගැටලුවකට මුහුණ පා සිටින බව ඔවුහු පැවසූහ. මේ අතර ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වේවායි, ශන්තිකර්මය පවත්වමින් ඔවුහු පාර්ථනා කළහ. අප වාර්තාකරු පැවසුවේ, මොවුන් ශාන්ති කර්මයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දක්වා සත්‍යග්‍රහයක්ද ආරම්භ කළ බවයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ අද පෙරවරුවේ ගලහ මංසන්ධියේදී දේව කන්නලව්වක නිරත වූහ. ඊයේ රජරට විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින්ද තම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වුවේ මිහින්තලය කටු සෑය ඉදිරිපිටදීයි.