රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉහළ ඉල්ලුමක්

මෙරට රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉහළ ඉල්ලුමක්

by Hashini De Mel 29-03-2018 | 9:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව ස්ලෝවැකියානු උපඅග්‍රාමාත්‍ය පීටර් කසීමර් ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට, ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන යොදා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි. මේ වනවිට ශ්‍රී ලංකාව සහ ස්ලෝවැකියාව අතර පවතින වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම, අමෙරිකානු ඩොලර් මිලියන 45.7 කි. ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට රබර් අපනයනය කිරීමෙන් එම ගනුදෙනු ප්‍රමාණය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇත.