අගමැතිට එරෙහි විශ්වාසභංගයේදි කුමක් සිදුවෙයි ද?

අගමැතිට එරෙහි විශ්වාසභංගයේදි කුමක් සිදුවෙයි ද?

by Sagarika Chathumali 29-03-2018 | 8:57 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන 4 වනදා පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන කරුණු 14 කින් යුත් විශ්වාසභාංගය ගෙන එනු ලැබුවේ, ඒකාබද්ධ විපක්ෂය විසිනි. කෙසේ වෙතත් මෙම විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ අත්සන් කර නොතිබිණ. එහෙත් නිශාන්ත මුතුහෙට්ටිගම, ටී බී ඒකනායක, කේ.කේ.මස්තාන් යන ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීන් තිදෙනා මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කර තිබිණ. මේ අතර අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ප්‍රකාශ නිකුත් වී තිබිණ. වරෙක රංගෙ බණ්ඩාර පවසා තිබුණේ, එම පක්ෂයේ 27 දෙනෙක් අගමැතිට විරුද්ධව ඡන්දෙ දීමට ඉඩකඩ තිබෙන බවයි. කරුණු කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී කුමක් සිදුවෙයි ද? මේ ඒ සම්බන්ධයෙන් තබන විශේෂ සටහනක්...