සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ

by Staff writer 28-03-2018 | 6:44 AM
COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, එම ප්‍රතිඵල www.donets.lk යන වෙබ් අඩවියට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ය. රට පුරා මධ්‍යස්ථාන 5,116කදී විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 688,573කි. ඔවුන්ගෙන් 429,493ක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 259,080ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.